එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන එංගලන්තයේදී හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ රෝහල් ගත කල අතර අද ඔහු සුවය ලබා ඉන් පිටවී ඇත. හෙට දින හෝ අද රාත්‍රී ඔහු ලංකාවට පැමිණීමට නියමිතය. අප්‍රිකාවේ පැවති සමුළුවකට සහභාගීවී නැවත පැමිණෙන අවස්ථාවේ ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපලේ දී හදිසියේ රෝගීවූ ජයලත් ජයවර්ධන මහතා ඉක්මණින් එහි රෝහල් ගත කෙරිණි. එතුමාගේ තත්වය සුවපත් අතට හැරීමෙන් අනතුරුව රෝහලේ වෛද්‍යවරුන් ඔහුට නිවස බලා යාමට අවසර ලබාදී ඇත.
Monday, April 16, 2012
Saturday, April 14, 2012
Operation for Hunt Crocodiles in Matara Nilwala river
මාතර නිල්වලා නදියේ කිඹුලන් ඇල්ලීමට විශේෂ මෙහෙයුමක් දියත් කරන බව මාතර දිසා ලේකම්වරිය පසුගිය දිනක ප්‍රකාශකල අතර දැන් එය යථාර්ථයක් බවට පත්කිරීමට සූදානම් බව වාර්තා වේ. එයට වනජීවී දෙපාර්තමේන්තුව සක්‍රීයව දායකවනු ඇති බව සඳහන් වේ. අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා ප්‍රකාශකර සිටියේ කඩිනමින් මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරමින් කිඹුලන්ගෙන් මාතර ජනතාවට සිදුවන හානිය ඉවත් කිරීමට කටයුතු කරන බවයි. පසුගිය වසරේ මාතර නිල්වලා ගඟ ආශ්‍රිතව ජීවත්වූ පුද්ගලයන් 25 දෙනෙක් කිඹුලන්ට ගොදුරුවී ඇත. ස්නානය සඳහා දැල් කොටු ආවරණ නිර්මාණය කර තිබුණත් එයින් බොහොමයක් දැන් දිරාපත්ව විනාශ මුඛයට ඇදවැටී ඇති බව වාර්තා වේ.
කාණ්ඩය:
Gossip
Friday, April 13, 2012
Shahrukh Khan detained in US Air port over two hours
සුපිරි බොලිවුඩ් රංගන ශිල්පී ෂාරුක් ඛාන් පැය දෙකකට වැඩි කාලයක් ඇමරිකාවේ නිව්යෝර්ක් ගුවන් තොටුපලේ ත්‍රස්තවාදී සැකකරුවෙක්
ලෙස සලකා රඳවාගෙන ඇත. ඔහු මෙන්ම කෝටිපති අම්බානි පවුලේ නීතා අම්බානි මැතිණියද ඔහු සමග රැඳී සිට ඇත. ෂාරුක් මෙලෙසින් ඇමරිකාවට ගොස් ඇත්තේ ඇමරිකාවේ යාලේ විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන දේශනයක් සඳහා සහභාගීවීමටයි. සිදුවූ සිදුවීම හේතුවෙන් ගුවන්තොටුපල බලධාරීන් ෂාරුක්ගෙන් සමාව අයැද සිට ඇති අතර ෂාරුක් මේ සිදුවීමෙන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇත.
කාණ්ඩය:
international1
Wednesday, April 11, 2012
Tsunami Alert issued for sri lankan maritime area.
මීට පැය භාගයකට පමණ පෙර ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්ත ප්‍රදේශ යේ ඇතිවූ භූමිකම්පා තත්වයක් හේතුවෙන් ඉන්දියානු සාගරය ආශ්‍රිත ප්‍රදේශවලට සුනාමි අවදානමක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා අංශ අවධාරනය කරති. රික්ටර් මාපකාංක 8.9 ක් තරම් ප්‍රමාණයකින් මුහුදු මට්ටමේ සිට මීටර 300ක් ගැඹුරින් සිදුවී ඇති භූමිකම්පා තත්වය හේතුවෙන් සුනාමි තත්වයක් ඇතිවිය හැකි බව දැනටමත් නිවේදනයකර ඇත. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 28 කට සුනාමි අවදානම පිලිබඳ දැනුම් දී ඇත. කෙසේ වෙතත් ලංකාවේ දකුණු,නැගෙනහිර හා කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල වෙරලාශ්‍රිතව වෙසෙන ජනතාවට ආරක්ෂිත ස්ථානවලට යන ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
පස්වරු 4 පමණ වන විට සුනාමි අවදානමක් ඇති විය හැකි බවටත් එම නිසා මුහුද ආශ්‍රිත ප්‍රදේශවල සැරිසැරීමෙන් වලකින ලෙස ජනතාවගෙන ඉල්ලා සිටී.එසේම විද්‍යුත් මාධ්‍ය නිවේදනවලට අවධානය යොමුකරන ලෙසද ඉල්ලා සිටී.
කාණ්ඩය:
Breaking
Sunday, April 8, 2012
Kumar and Dimuthu two Senior members of "Jana Aragala" missing since last nightng
ජන අරගල ව්‍යාපාරයේ ජේෂ්ඨ සාමාජිකයන් දෙදෙනෙක් වන කුමාර් ගුණරත්න හා දිමුතු ආටිගල යන පුද්ගලයින් දෙදෙනා ඊයේ රාත්‍රී සිට අතුරුදහන්ව ඇතැයි එම සංවිධානයේ ජේෂ්ඨ සාමාජිකයෙක් වන පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශකර සිටියි. හෙට දින (9) කොළඹ සුගතදාස පිටියේදී තම නව පක්ෂය වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පලමු සමුළුව පැවැත්වීමට පෙරාතුව මෙම ජේෂ්ඨ සාමාජිකයන් දෙදෙනාගේ අතුරුදහන් වීම පිටුපස දැඩි කුමන්ත්‍රණයක් පවතින් බව ඔහු පවසයි. නමුත් පොලීසිය පවසන්නේ එවැනි පැමිණිල්ලක් තමන් වෙත ලැබී නැති බවයි.
කාණ්ඩය:
gossip1
Friday, April 6, 2012
Wrestling superstar Undertaker announced his retirement from WWE
අන්ඩර්ටේකර් රෙස්ලින් වලල්ලෙන් සමුගැනීමට තීරණය කරයි.
දහස් ගණන් රෙස්ලින් ප්‍රේක්ෂකයෝ සමුනොගන්නා ලෙස ඉල්ලති
දහස් ගණන් රෙස්ලින් ප්‍රේක්ෂකයෝ සමුනොගන්නා ලෙස ඉල්ලති
ලෝක ප්‍රසිද්ධ ලෙසින් ක්‍රියාත්මක වන රෙස්ලින් වින්දනාත්මක වැඩසටහනේ සුපිරි තරුවක් ලෙසින් වැජඹෙන “අන්ඩර්ටේකර්“ රෙස්ලි න් වලල්ලෙන් සමුගන්නා බවට නිවේදනයක කිරීමත් සමග ලොව පුරා රෙස්ලින් ලෝලීන් දැඩි කම්පනයකට පත්ව ඇත. රෙසිලින් රූපවාහිනී ප්‍රදර්ශන තරඟවලදී ආකර්ශණීය මෙන්ම සටන්කාමී චරිතයක් වන ඔහුගේ නික්මයාම රෙස්ලින් වලල්ට දැඩි හානියක් බව ඔවුන් පවසති. කෙසේ වෙතත් මෙම තීරණයේ වෙනසක් සිදුව නොමැති බව වාර්තා වේ.
කාණ්ඩය:
international1

























